ඩොලරය යළි ඉහළ නගී

ඩොලරය යළි ඉහළ නගී

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකිණුම් අගය අද පෙරවරුව වන විට රුපියල් 196.65 ක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව  පවසයි. එහි ගැණුම් මිල 189.63 ක් බවට පත්ව තිබුණි.

පසුගිය සිකුරාදා දිනය වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකිණුම් අගය රුපියල් 195.47ක් බවට පත්ව තිබුණි. ගැණුම් අගය රුපියල් 188.46ක් ලෙස වාර්තා විය.

කෙසේ වෙතත් ඊට පෙර සතියේ බදාදා (අප්‍රේල් 08) වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකිණුම් අගය රුපියල් 200.46ක් බවට පත්විය. එහිදී ගැණුම් අගය රුපියල් 199.40 ක් විය.

ඒ අනුව නව අවුරුදු සමයද ඇතුළත්ව තිබුණු ගෙවුණු දින 12ක කාලයට පසුව යළිත් වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීම ආරම්භවීමේ ලකුණු පෙන්නුම් කර තිබෙන බව ආර්ථික විශේෂඥයෝ පවසති.

පවතින මේ තත්ත්වය පාලනය සඳහා රට තුළ ඇති විදේශ මුදල් සංචිත තවදුරටත් රටින් පිටකිරීම අවම කිරීම වෙනුවෙන් ලබන ජූනි  මාසය දක්වා තවත් භාණ්ඩ රැසක්ම ආනයනය සීමා කිරීමට රජය ඊයේ තීරණය කර තිබුණි.

Visits: 103