ඇල්පිටිය ප්ලාන්ටේෂන් ‘ඇඩ්වෙන්චර් පාර්ක්’ සඳහා ගිවිසුම් ගත වෙයි

ඇල්පිටිය ප්ලාන්ටේෂන් ‘ඇඩ්වෙන්චර් පාර්ක්’ සඳහා ගිවිසුම් ගත වෙයි

ඇල්පිටිය ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගම සිංගප්පූරුවේ සිම් ලෙෂර් ගෘප් ලිමිටඩ් සමාගම සමගින් ඇති කරගත් අවබෝධාත්මක ගිවිසුම යටතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අභියෝගාත්මක ක්‍රීඩා ඉසව් සහ විනෝදාත්මක අංග ඇතුළත් තේමා උද්‍යානයක් ලෙස ඉදි කෙරෙන ‘ඇඩ්වෙන්චර් පාර්ක්’ ව්‍යාපෘතිය සඳහා වන එකඟතා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය අප්‍රේල් 12 වැනිදා සිදු වුණු බව ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගම පවසයි.

මෙහිදී එම සමාගම් දෙකෙහි එකතුවෙන් පිහිටවුණු නව සමාගමක් වන Venture Valley (Pvt) Ltd සමාගම සමගින් මෙම එකඟතාවට පිවිස තිබේ. ඉදිරියේදී මෙම ඇඩ්වෙන්චර් පාර්ක් ව්‍යාපාර කටයුතු මෙම නව සමාගම යටතේ ක්‍රියාත්මක වෙයි.

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ඇල්පිටිය ප්ලාන්ටේසන් පීඑල්සී සමාගම, සිංගප්පූරුවේ සිම් ලෙෂර් ගෘප් ලිමිටඩ් සමාගමත් සමගින් ඇති කරගත් එකඟතාව යටතේ 2016 මාර්තු 01 වැනිදා Venture Valley (Pvt) Ltd ලෙස මෙම නව සමාගම පිහිටවුණු බව පැවසෙයි.

2020 ජනවාරි 31 වැනිදා ඇල්පිටිය ප්ලාට්නේෂන් සමාගම සිම් ලෙෂර් ගෘප් සමගින් අවබෝධාත්මක ගිවිසුමකට පිවිසි අතර, ඒ හරහා සමාගම් දෙක අතර ඒකාබද්ධ ව්‍යාපාර සබඳතාවක් ගොඩනගා ගනිමින් ඇඩ්වෙන්චර් පාර්ක් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පිළිබඳව වන එකඟතාවකට  පැමිණීම සිදු විය.

මෙහිදී එම ඇඩ්වෙන්චර් පාර්ක් පරිශ්‍රය ඉදිකිරීම සඳහා වන භූමිය ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගම මගින් ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර එය ඉදිකිරීම සිංගප්පූරුවේ සිම් ලෙෂර් ගෘප් ලිමිටඩ් විසින් සිදු කරයි.

Visits: 138