මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (අප්‍රේල් 15) දිනයේදී රැස්වී පැවැත්වූ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක 300 ක ආන්තිකයක් සහිතව අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනයක් මගින් පවසයි.

විශේෂයෙන්ම හදිසි අවස්ථාවන්වලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් ලෙසද මෙම බැංකු අනුපාතිකය හැඳින්වෙන බව මහ බැංකුව පවසා සිටියි.

මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 2019 මැයි 31 වැනි දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

එහිදී පදනම් අංක 300ක ආන්තිකයක් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූලකව ස්වයංක්‍රීයව ගැලපීම සඳහා ඉඩ හැරීමට මෙහිදී තීරණය කරන ලද බව මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 අප්‍රේල් 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බැංකු අනුපාතිකය 15.00% සිට 10.00% දක්වා පදනම් අංක 500 කින් අඩු කර ඇතැයි මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

Visits: 74