JB Securities හි ප්‍රධාන විධායක මුර්ටාසා ජැෆාර්ජී ඇඩ්වොකාටා සභාපති ධුරයට

JB Securities හි ප්‍රධාන විධායක මුර්ටාසා ජෆාර්ජී ඇඩ්වොකාටා සභාපති ධුරයට

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආරම්භක සාමාජික සමාගමක් මෙන්ම එහි ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන JB Securities සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මුර්ටාසා ජැෆාර්ජී මහතා මෙරට පිහිටි ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන ඇඩ්වොකාටා (ADVOCATA) ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ ඇතැයි එම ආයතනය පවසයි.

ඒ අනුව මෙම නව තනතුර යටතේ මුර්ටාසා මහතා ඇඩ්වොකාටා ආයතනයේ අරමුදල් රැස් කිරීම, පාලනය මෙන්ම ප්‍රතිපත්ති වැඩසටහන් සඳහා වන මෙහයුම් සඳහාද සිය දායකත්වය ලබා දෙනු ඇතැයි ඇඩ්වොකාටා ආයතනය සඳහන් කර සිටියි.

වසර 25 කට අධික කාලයක් පුරා ආයෝජන වෘත්තිකයෙකු ලෙස අත්දැකීම් සහිත මුර්ටාසා ජෆාර්ජී  මහතා වර්තමානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි තෝරාපත් කරගත් අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. එසේම ඔහු සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සීහි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුද වෙයි.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණික ඉංජිනේරුවිද්‍යාව සහ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථිකවිද්‍යාව පිළිබඳ උසස් උපාධියක්ද හදාරා තිබේ. වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකුද වන ඒ මහතා ශ්‍රී ලංකාවේ වරලක් මූල්‍ය විශ්ලේෂක සමාජයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි.

2016 වසරේදී ඇඩ්වොකාටා ආයතනය පිහිටුවීමේදී මූලිකත්වය ගත් පුද්ගලයෙකු ලෙසද මුර්ටාසා මහතා සැලකෙයි. ඒ අනුව ඔහු මේ දක්වා එම ආයතනයේ ජ්‍යෙෂ්ට සාමාජිකයෙකු ලෙස සිය සේවය ලබා දී ඇතැයිද එම ආයතනය පවසයි.

Visits: 162