හොන්ඩා සිය Minivan රථ 50ක් COVID-19 රෝගීන් ප්‍රවාහනයට යළි සකසයි

හොන්ඩා සිය Minivan රථ 50ක් COVID-19 රෝගීන් ප්‍රවාහනයට යළි සකසයි

ජපානයේ හොන්ඩා සමාගම සිය මිනිවෑන් රථ මාදිලි දෙකක් වන Odyssey minivan සහ Step WGN minivan රථ 50ක් යළි සකස් කරමින් එරට තුළ COVID-19 වෛරස ආසාදිතයන් ප්‍රවාහනයට යොදවා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව වෛරස ආසාදිත රෝගීන් රෝහල් වෙත රැගෙන යාම සහ වෛරස ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා මෙම මිනිවෑන් රථ යොදා ගැනීම සැලසුම වී තිබේ.

මෙහිදී වඩාත් ආරක්ෂිතව එම වෛරස ආසාදිතයන් ප්‍රවාහනය සඳහා වන නව හඳුන්වාදීම් කිහිපයක්ම සිදු කරමින් රථය යළි සකස් කිරිමට හොන්ඩා සමාගම කටයුතු යොදා ඇත. ඒ අනුව මූලිකවම රියදුරාගේ ආරක්ෂාව පතා රථයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබෙන ලෙස සකස් කර තිබේ. එහිදී රියදුරාත් පිටුපස සිටින මගීනුත් අතර වායුරෝදක බෙදීමක් ඇති වන ආකාරයට රථය යළි සකස් කෙරී ඇත.

එසේම රථයේ පිටුපස කොටසේ වායුසමීකරණ පද්ධතියත් රථයේ ඉදිරිපස වීදුරුව හරහා ලැබෙන පිරිසිදු වාතය සිසිල්බවට පත්වී පිටුපස කොටසේ සිටින පුද්ගලයන්ට ලැබෙන සේ සලස්වා අවසානයේදී ඒවා රථයේ පිටුපස කොටසින් පිටව යන ආකාරයට සකස් කර ඇත.

දැනටමත් සමාගම මෙම රථ එරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දීම ආරම්භ කර ඇති අතර, යළි සකස් කළ රථ දෙකක් පසුගිය අඟහරුවාදා එලෙස භාරදී තිබේ. දැනට මෙවැනි රථ 50ක් සකස් කිරීම සැලසුම වී ඇත. එසේම ඉල්ලුම අනුව ඉදිරියේදී මෙවැනි රථ නිෂ්පාදනයට යොමු වන බවද හොන්ඩා සමාගම පවසයි. කෙසේ වෙතත් මෙම රථය කිසිලෙසකින්වත් ගිලන්රථයක් නොවන බවද සමාගම සඳහන් කරයි.

අද දිනය වන විට ජපානය තුළ නව කොරෝනා හෙවත්  COVID-19 ආසාදිතයන් 8,885 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 174 දෙනෙකු මරණයට පත්ව තිබේ.

Odyssey minivan රථයක ඇතුළත
Step WGN minivan රථයක්

Visits: 36