යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව පිහිටුවීමට පහසුකම් දීම Camera.lk භාරගනී

යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව පිහිටුවීමට පහසුකම් දීම Camera.lk භාරගනී

ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තම ආයතනය භාරගන්නා බව Camera.lk ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පවසා ඇතැයි වාර්තා වෙයි.

අද දිනයේදී බත්තරමුල්ල, පැලවත්ත, අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපතිවරයා හමුවූ අවස්ථාවේදී අනුෂ්ක ගුණසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ. යුද  හමුදාවේ පරිහරණය සඳහා අවශ්‍ය ඩ්‍රෝන යානයක් ප්‍රදානය කිරීම සඳහා ඔහු යුද හමුදාපතිවරයා හමුවී ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් මෙම හමුව සංවිධානය වී ඇත.

කොරෝනා වසංගතය මැඩපැවැත්වීම යටතේ දැනට ලොක්ඩවුන් තත්ත්වයට (සම්පූර්ණයෙන් වසා දමා ඇති) පත් කර ඇති ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව බලධාරීන් අතර කතාබහට ලක්වීමත් සමගම ඊට පහසුකම් සැලසීමක් ලෙස අනුෂ්ක ගුණසිංහ මහතා විසින් මෙම ඩ්‍රෝන යානා යුද හමුදාව වෙත ප්‍රදානය කර තිබේ.

Visits: 59