COVID-19 නිසා ජෙට්වින්ග් හෝටල් සමූහයේ වැටුප් 50%කින් කැපෙයි

COVID-19 නිසා ජෙට්වින්ග් හෝටල් සමූහයේ වැටුප් 50%කින් කැපෙයි

මෙරට මුල් පෙළේ හෝටල් සන්නාමයක් වන ජෙට්වින්ග් හෝටල් සමූහය ඉදිරි මාස කිහිපයේදී සිය සේවකයන්ගේ වැටුප් 10%ත් 50% ත් අතර ප්‍රතිශතයකින් කපා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයේ කඩා වැටීම ඊට හේතුව බව එම සමාගම සිය සේවකයන් වෙත  යැවූ මෙමෝ පණිවුඩයක සඳහන්ව තිබේ.

විශේෂයෙන්ම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙහි ආර්ථික වර්ධන පුරෝකතන වෙත දැඩිව බලපෑම් එල්ල වී ඇති බවත් එහි දී සංචාරක කර්මාන්තය වෙත බලපෑම් එල්ල වී ඇති බවත් එහි සඳහන් වෙයි.

ඒ අනුව, මෙහිදී මාසික වැටුප රුපියල් 15,000ට වඩා අඩු පිරිසගේ වැටුප් කප්පාදුවක් සිදු නොවන අතර, ඊට ඉහළ වැටුප් ලබන පිරිසගේ වැටුපෙන් 10%ක් කපා දැමෙන අතර රුපියල් ලක්ෂ 5 සිට ඊට ඉහළ වැටුප් ලබන පිරිසගේ වැටුපෙන් 50%ක් කපා දැමීමට තීරණය කෙරී ඇත.

කෙසේ වෙතත් සිය සෑම මට්ටමක සේවකයන් සඳහා වන මෙම වැටුප් කප්පාදු තීරණය සිය කළමනාකරණය විසින් ඉතා අසීරුවෙන් ගත්තක් බවත් ජෙට්වින්ග් සමූහය පවසයි. එහෙත් ජෙට්වින්ග් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් මෙම අසීරු තීරණය ගත යුතුව තිබූ බව මෙම පණිවුඩයේ සඳහන් වෙයි.

Visits: 222