සංචාරක මාර්ගෝපදේශකයන් 2021 වාර්ෂික බලපත්‍ර ගාස්තුවෙන් නිදහස්

සංචාරක මාර්ගෝපදේශකයන් 2021 වාර්ෂික බලපත්‍ර ගාස්තුවෙන් නිදහස්

සංචාරක මාර්ගෝපදේශක වෘත්තියේ නිරත පිරිස් සඳහා ලබන 2021 වසර සඳහා වන ලියාපදිංචි ගාස්තුව ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචරණය පවසයි. COVID-19 වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය හේතුවෙන් ඔවුන් මුහුණ පා සිටින අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජාතික සංචාරක මාර්ගෝපදේශකයන් (National Tourist Guides), Chauffeur මාර්ගෝපදේශකයන්, පළාත් මාර්ගෝපදේශකයන් (Area Tourist Guides) සහ සංචාරක ස්ථාන ආශ්‍රිත මාර්ගෝපදේශකයන් (Site Guides) යන පිරිස් සඳහා මෙලෙස 2021 වසර සඳහා වන ලියාපදිංචි ගාස්තුවෙන් නිදහස් කර තිබේ.

මීට ‍පෙර 2019 අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව 2020 වසර සඳහාද මෙම සංචාරක මාර්ගෝපදේශකයන් ලියාපදිංචි ගාස්තුවෙන් නිදහස් කිරීමටද ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා තිබුණි.

කෙසේ වෙතත් මෙවර එම අවස්ථාව සඳහා හිමිකම් කීමට නම් මෙම සංචාරක මාර්ගෝපදේශකයන් අවම වශයෙන් 2019 වසර සඳහාවත් සිය ලියාපදිංචි ගාස්තු ගෙවා තිබිය යුතු බවද බලධාරීන් පවසයි. එසේ නොමැති සංචාරක මාර්ගෝපදේශකයන් මීට පෙර ගෙවීමට ඇති කල්ගතවූ ගාස්තු ගෙවා ඉදිරි වසර සඳහා වන මෙම බලපත්‍ර ගාස්තු නිදහස අත්විදිය හැකි බවත් ශ්‍රී ලංකා සංචරණය පවසයි.

මෙලෙස සංචාරක මාර්ගපෝපදේශකයන් වෙත 2021 වසර සඳහා ලියාපදිංචි ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය ලබන 2021 වසරේදී තවදුරටත් සලකා බැලෙන බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 21