COVID-19 සටනේ විරුවන්ට උපහාර ලෙස නෙළුම් කුළුණ අද ආලෝකමත් වෙයි

COVID-19 සටනේ විරුවන්ට උපහාර ලෙස නෙළුම් කුළුණ අද ආලෝකමත් වෙයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතය පරාජයට පත් කිරීම සඳහා සිය දිවි හිමියෙන් කැපවී සිටින වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවයේ නිරත පිරිස් වෙත මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සහ පොලිසියේ සියලු නිලධාරීන් වෙත දක්වන උපහාරයක් ලෙස අද පස්වරු 6.45ට නෙළුම් කුළුණ ආලෝකමත්වීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මෙහිදී එම පිරිස් COVID-19 වසංගතය පරාජයට පත් කිරීම සඳහා දක්වන දායකත්වය ඇගයීමක් ලෙස විශේෂිත තේමාවක් යටතේ මෙම උපහාර පිදීම සිදු කෙරෙන බවත්, මෙය ලෝකයේ අනෙක් රටවලටද ආදර්ශයක් ලෙස සංවිධානය කෙරෙන බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 23