දිවයිනේ සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට එක් කරයි

දිවයිනේ සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට එක් කරයි

දිවයින පුරා පිහිටි සියලුම වී මෝල් සහ වීමෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගැනී වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින් පවසා සිටියි.

මෙහිදී අදාළ වී මෝල් නිරෝධායන අත්‍යවශ්‍යතාවක් ලෙස සලකා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබීමත් විශේෂත්වයකි.

මෙහිදී දිවයිනේ සියලුම සහල් මෝල්  හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම සිදු කළ යුතු බව මෙම නිවේදනයේ සඳහන් වෙයි. එසේම සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත්, මහා පරිමාණ මහල් මෝල්  හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා නියෝග ලබා දී ඇත.

ඒ අනුව මෙම නියෝගය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙතද ලිපියක් මගින් දැනුම් දී ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී දැනටමත් මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න වී අස්වැන්නක් ලැබී ඇති බව රජය  පවසයි. එයින් තුනෙන් දෙකක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතින බව හඳුනාගෙන ඇත. එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවට දැඩි අවදානමක් ඇති කරන බවට සියලු පාර්ශ්වයන් හඳුනාගෙන ඇතැයිද ද ජනපති මාධ්‍ය අංශය පවසයි.

Visits: 35