COVID-19 නිසා VIVO දුරකතන සිය වගකීම් කාලය වසරකින් දිගු කරයි

COVID-19 නිසා VIVO දුරකතන සිය වගකීම් කාලය වසරකින් දිගු කරයි

මෙරට තුළදී මිලදී ගත් VIVO දුරකතන ඇතුළු උපාංග සඳහා වන වගකීම් කාලය වසරකින් දිගු කිරීමට VIVO මොබයිල් ශ්‍රී ලංකා සමාගම තීරණය කර තිබේ. COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමගම රජය පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් සිය සියලුම සේවා මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සමාගම පවසයි.

එහිදී 2020 මාර්තු 16  වැනිදා සිට 2020 මැයි 30 වැනිදා දක්වා කාලයේදී වගකීම් කාලය කල් ඉකුත් වන ජංගම දුරකතන ඇතුළු උපාංග සඳහා මෙම අවස්ථාව හිමි වීමට නියමිතව ඇත. ඒ අනුව මෙම උපාංගවල වගකීම් කාලය 2020 මැයි 31 වැනිදා දක්වා වන බව සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව හිමි වන්නේ මෙරට තුළදී මිලදී ගත් VIVO ස්මාට් දුරකතන සඳහා පමණක් වන බව VIVO මොබයිල් ශ්‍රී ලංකා සමාගම අවධාරණය කරයි. ස්වයංක්‍රීයව සිදුවන මෙම වගකීම් කාලය දික් කිරීම පිළිබඳ තොරතුරු VIVO වෙබ් අඩවියට පිවිස එහි තමන්ගේ දුරකතනයේ IMEI අංකය ඇතුළත් කිරීමට ඇති ස්ථානය වෙත යෙදීමෙන් ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වන VIVO මොබයිල් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජිආන්ග් මහතා, &මෙම තීරණාත්මක අවස්ථාවේදී අපි අපගේ ඉතාමත් වටිනා පාරිභෝගිකයන් වෙත තවදුරටත් සේවා සැලසීමක් විදියට මෙම වගකීම් කාලය දිගු කිරීමට තීරණය කළා.* යනුවෙන් පවසා සිටියි.

මෙම වගකීම් කාලය දිගු කිරීම පිළිබඳ තොරතුරු සමාගමේ හදිසි දුරකතන ඇමතුම් අංකය වන 0115 677 677 හරහා හෝ servicecenter@lk.vivo.com වෙබ් අඩවිය හරහා හෝ සමාගමේ නිල ෆේස්බුක් පිටුව වෙන පිවිසීමෙන් දැනගත හැකි බවත් VIVO මොබයිල් ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

Visits: 23