යාපනයේ දූපත් වෙතත් ආහාර මලු රැගෙන ගිය ‘ලංකා සතොස’

යාපනයේ දූපත් වෙතත් ආහාර මලු රැගෙන ගිය ‘ලංකා සතොස’

ලංකා සතොස ආයතනය යාපනය දිස්ත්‍රික්කයට අයත් දූපත්  කිහිපයක් වෙත මේ වනවිටත් අත්‍යවශ්‍යය ආහාර මලු බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි පවසයි.

ඒ යටතේ  මේ වනවිටත් නාගදීප දූපත් වෙත අවශ්‍ය ආහාර මලු රැගෙන යාම සිදු කර ඇත. එසේම ඉදිරියේදී ඩෙල්ෆ් දූපත් ඇතුළු තවත් දූපත් වෙත මෙම භාණ්ඩ රැගෙන යාමට නියමිත බව ලංකා සතොස ආයතනය පවසයි.

මේ සඳහා දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවද ලංකා සතොස වෙත සහාය දක්වමින් සිටියි.

Visits: 33