මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික තවත් පහත හෙළයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික තවත් පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීන්දුවකට අනුව අද (202 අප්‍රේල් 03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක 25 කින් තවදුරටත් පහත හෙළීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 6.25%ක් ලෙස පැවැති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.00% දක්වාත්, 7.25% ක් ලෙස පැවැති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7.00% දක්වාත් පහළ හෙළීමට මෙහිදී පියවර ගෙන තිබේ.

COVID-19 වසංගතය රට තුළ ව්‍යාප්තවීම හේතුවෙන් වෙළෙඳ පොළ වෙත එල්ල වී ඇති පීඩනය ඉහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳ පොළ වෙත ව්‍යාපාර සහ තනි පුද්ගලයන් සඳහා සහන සැලසීමට තවදුරටත් අවස්ථාව සලසාදීම වෙනුවෙන් මුදල් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර පෙර සැලසුම් කළ පරිද්දෙන් ලබන අප්‍රේල් 09 වැනිදා මහ බැංකුවේ මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය නොපැවැත්වෙන බවත්, ඉදිරියේදී රටෙහි ආර්ථිකයේ සහ වෙළෙඳ පොළ තුළ සිදුවන තත්ත්වයන් වෙත සලකා බලා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් විමසීමටද කටයුතු කරන බව මුදල් මණ්ඩලය පවසා සිටියි.

Visits: 308