Justpay මුදල් හුවමාරු සීමාව ඉහළ නංවයි

Justpay මුදල් හුවමාරු සීමාව ඉහළ නංවයි

Lankapay ආයතනය මගින් ක්‍රියාත්මක කරන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රමය වන Justpay පහසුකම හරහා එක්වරකදී හුවමාරු කළ හැකි මුදල් සීමාව රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ නැංවූ බව එම ආයතනය පවසයි.

2020 අප්‍රේල් 02 වැනිදා සිට මෙම සීමාව මෙලෙස ඉහළ නංවා තිබේ. එහිදී රජයේ ඉල්ලීමක් මත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බව ආයතනය සඳහන් කර සිටියි. විශේෂයෙන්ම රට තුළ  ඩිජිටල් ගනුදෙනු සඳහා ලබා දෙන සහායක් ලෙස මෙම මුදල් හුවමාරු සීමාව ඉහළ දැමූ බව ඔවුන් පවසයි.

Lankapay මගින් බලගැන්වෙන මෙම Justpay සේවාව ස්මාට් මොබයිල් උපාංග මගින් සිල්ලර භාණ්ඩ ගනුදෙනුවලදී ඩිජිටල් ආකාරයෙන් මුදල් ගෙවීම සඳහා වඩාත් සුරක්ෂිත ක්‍රමවේදයක් බවද එම ආයතනය හඳුන්වාදී සිටියි. එසේම එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ගෙවීමේ ක්‍රමවේදයක් බවද ඔවුන් පවසයි.

Visits: 58