ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් වෙත අගමැතිගේ ස්තූතිය

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් වෙත අගමැතිගේ ස්තූතිය

COVID-19 වසංගත තත්ත්වයට එරෙහි සටන උදෙසා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකා අරමුදල වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා වෙත සිය ස්තූතිය පුද කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුම හරහා ඔහු මෙම ස්තූතිය පුද කර තිබේ. එහිදී ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා වැනි පෞද්ගලික සමාගම් හරහා මෙම සටන වෙනුවෙන් මෙවැනි දායකත්වයක් ලැබීම අගය කරන බවත් අගමැතිවරයා පවසා තිබේ.

පසුගියදා අගමැතිවරයා හමුවූ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකාව සහ ඉන්දියානු උප මහාද්වීපය වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා මෙම අරමුදල වෙනුවෙන් වන රුපියල් මිලියන 10 ක දායකත්වයක් අගමැතිවරයා වෙත පිරිනමා තිබේ.

“සෞඛ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව සහ මෙම කෝවිඩ්-19 වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය ගන්නා උත්සාහය අපි අගය කරනවා. මෙම අවස්ථාවේදී අපගේ මූලික අරමුණ වන්නේ එම උත්සාහයට අපගේ සහාය ලබා දීමයි.” ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකාව සහ ඉන්දියානු උප මහාද්වීපය වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා පවසා ඇත.

Visits: 29