රතු කුරුසය, ඩෙටෝල් සමග එක්ව බස්නාහිර පොලිසි පිරිසිදු කිරීම අරඹයි

රතු කුරුසය, ඩෙටෝල් සමග එක්ව බස්නාහිර පොලිසි පිරිසිදු කිරීම අරඹයි

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ කොළඹ ශාඛාව අද දිනයේදී බස්නාහිර පළාතේ පිහිටි සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයකයට ලක් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව පවසයි. ඩෙටෝල් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් ඔවුන් මෙම විෂබීජහරණ කටයුතු සිදු කිරීම සැලසුම වී තිබේ.

රට තුළ ව්‍යාප්තවෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය  පාලනය සඳහා ගන්නා ලද පූර්වආරක්ෂක මුලපිරීමක් ලෙස තමන් මෙලෙස පොලිස් ස්ථාන පිරිසිදු කිරීමක් සිදු කළ බව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ පොලිස් කොට්ඨාස 10කට අයත් පොලිස් ස්ථාන 111ක් පිහිටා ඇත.

Visits: 20