ප්‍රියන්ත තල්වත්ත නේෂන්ස් ට්‍රස්ට් ප්‍රධාන විධායක ධුරයට

ප්‍රියන්ත තල්වත්ත නේෂන්ස් ට්‍රස්ට් ප්‍රධාන විධායක ධුරයට

නේෂන්ස්ට් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා 2020 අප්‍රේල් 02 දිනයේ සිට පත් කෙරුණු බව එම බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි. මෙතෙක් කලක් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ රේණුකා ප්‍රනාන්දු මහත්මිය සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග තල්වත්ත මහතා එම ධුරයට තේරී පත්ව තිබේ.

බැංකු ක්ෂේත්‍රය තුළ වසර 27කට අධික කාලයක වෘත්තීමය පළපුරුද්දක් සහිත ප්‍රියන්ත තල්වත්ත මහතා, ගෙවුණු වසර 17ක කාලය පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. එසේම ඔහු බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබ සිටි අතර, පසුගිය 2019 වසරේ ජනවාරි මාසයේදී ඔහු බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට නම් කිරීමද සිදු විය.

මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපති ගිහාන් කුරේ මහතා, “නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඉදිරි ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා තල්වත්ත මහතා නායකත්වය දෙනු ඇති බවට එහි අධ්‍යක්ෂ මණ්ඩලය උපරිම සෑහීමකට පත්ව සිටිනවා. ඔහු තමයි මේ තනතුර සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා. මේ නව ධුරය සම්බන්ධයෙන් ඔහුට මම සුභ පතනවා.” යනුවෙන් පවසා ඇත.

Visits: 130