Takas.lk එළවළු ඩිලිවරි අරඹයි

Takas.lk එළවළු ඩිලිවරි අරඹයි

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන මෙරට සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Takas.lk වෙබ් අඩවියත් පාරිභෝගිකයන් වෙත එළවලු බෙදාහැරීමේ සේවාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ලංකා කෘෂි නිෂ්පාදන කළමනාකරණ සංස්ථාව (LAPMC – Lanka Agri Produce Management Corporation) නම් පෞද්ගලික සමාගම හා සම්බන්ධ වී ඔවුන් මෙම සේවාව ලබා දෙයි.

දැනට කොළඹ 01ත් 09ත් අතර සීමාව සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව Takas.lk හි ප්‍රධාන විධායක ලහිරු පත්මලාල් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියි.

සිය පළමු ඇනවුම් තොගය මේ වනවිට පාරිභෝගිකයන් වෙත යවා ඇති බවත්, ඇනවුම ලබා දී පැය 48ක් ඇතුළතදී මෙම එළවලු ඇතුළත් මල්ල නිවෙස් වෙත භාරදීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියි. සෑම දිනකම පස්වරු 5 දක්වා ඇනවුම් භාර ගැනීම සිදු කෙරේ.

takas.lk/more/daily-rations.html වෙත පිවිසීමෙන් මෙම ඇනවුම ලබා දිය හැකිය. එහිදී දෙදෙනෙකුට සෑහෙන ප්‍රමාණයේ එලවලු ඇතුළත් මල්ලක් රුපියල් 650කටත්, පළතුරු මල්ලක් රුපියල් 550කටත් මිල කෙරී ඇත. මෙහිදී ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් 300ක් අය කෙරෙන බව වෙබ් අඩවිය පවසයි.

Visits: 43