පෞද්ගලික බැංකුත් ජංගම ATM පහසුකම් දීමට සූදානමින්ලු?

පෞද්ගලික බැංකුත් ජංගම ATM පහසුකම් දීමට සූදානමින්ලු?

COVID-19 වසංගතය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සලකා බලා  පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක්ද සිය ජංගම ATM පහසුකම් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි වාර්තා වෙයි.

වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම වියත්මග සංවිධානයේ සාමාජිකයෙකුද වන පේරාදෙණිය විශ්විවද්‍යාලයේ මහාචාර්ය චරිත හේරත්  මහතා සිය ට්විටර් ගිණුම හරහා මේ කරුණු අනාවරණය කර සිටියි.

දැනට ජනතාවට තමන්ගේ නිවෙස් අසලටම පැමිණෙන අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් රථවලින් එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා පවතින මුදල් අඟහිඟතාව පිළිබඳව දැක්වූ සටහනකට පිළිතුරු ලබා දෙමින් මහාචාර්යවරයා මේ බව පවසා ඇත.

දිවයින පුරා ක්‍රියාත්මක වන ලෙස වරින් වර පැනවෙන ඇඳිරි නීතිය හේතුවෙන් සහ කොළඹ, ගම්පහ, කළුතර වෙත දින නියමයක් නොමැතිව පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් මෙලෙස ජංගම මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදය අරඹන බව මහාචාර්යවරයා එහිදී සඳහන් කර තිබේ.

දැනටමත් රජයට අයත් මහජන බැංකුව මෙලෙස සිය ජංගම ATM රථය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සංචාරය කරමින් පාරිභෝගිකයන්ගේ මුදල් ගැනීමේ අවශ්‍යතාවන් සපුරමින් සිටින බවත් චරිත හේරත් මහතා පවසා සිටියි.

ඡායාරූප – ලංකාදීප වෙබ් අඩවිය

Visits: 84