අත්‍යවශ්‍ය සේවා සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් තීරණ හතක්

අත්‍යවශ්‍ය සේවා සඳහා වන ජනපති කාර්ය සාධක බලකායෙන් තීරණ හතක්

කෝවිඩ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා පිළිබඳ වන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ හමුවක් අද දිනයේ දී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වී ඇතැයි වාර්තා වෙයි.

එහිදී දැනට මෙම අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ විමසීමක් සිදු කර ඇති අතර, ඒවා පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්වූ බව මෙ කාර්ය සාධක බලකායේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ඒ අනුව මෙහිදී කරුණු හතක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව හෙතෙම සඳහන් කරයි.

  1. දැනට ක්‍රියාත්මක වන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ වැඩසටහන සම්බන්ධයෙන් යළි විමසීමක් සිදුව ඇති අතර, එහිදී අතෙහි මුදල් පැවතියත් එවැනි අත්‍යවශ්‍ය ආහාර ලබා ගත නොහැකි පිරිස් පිළිබඳව සාකච්ඡා කෙරී ඇත.
  2. එසේම තැපැල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ඖෂධ සැපයීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත.
  3. අතෙහි මුදල් නොමැති එහෙත් බැංකු ගිණුම් තුළ මුදල් ඇති පිරිස් වෙත එම මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපාය සකස් කරදීම.
  4. හෙට (2020.03.31) දිනය වනවිට සමෘද්ධි ලාභීන් සඳහා රුපියල් 5,000ක දීමනාව ගෙවීමේ කටයුතු අවසන් කිරීම.
  5. කොරෝනා වසංගත තත්ත්වය නිසා සිය රැකියා අහිමිවීම නිසා පීඩාවට පත්ව සිටින පවුල් වෙත සහනයක් සැලසීම සඳහා අවධානය යොමු කිරීම, එහිදී දැනට රජයේ ආධාර ලැයිස්තුවට ඇතුළත්ව නොමැති පිරිස් වෙත එම සහනය ලබා දෙයි.
  6. දේශීය වශයෙන් සිදු කරන සහල්, එළවලු, මත්ස්‍ය සහ කුකුල්මස් ආහාර වර්ග නිෂ්පාදනය ඉහළ දමමින් ඉදිරි කන්නය වන විට රට ස්වයංපෝෂිත කිරීම සඳහා කටයුතු සකස් කිරීම.
  7. මෙරට තුළ පශුසම්පත් කර්මාන්තය හොඳින් පවත්වාගෙන යමින් එහි සැපයුම් දියුණු කිරීමට මෙන්ම සත්ත්ව ආහාර ප්‍රවාහන කටයුතු විධිමත්ව සිදු කිරීම.

යනාදිය එම කරුණු හත වෙයි.

Visits: 118