ටියුනීසියාව සිය පළමු කාන්තා වෛද්‍යවරිය වෙනුවෙන් මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

ටියුනීසියාව සිය පළමු කාන්තා වෛද්‍යවරිය වෙනුවෙන් මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

ටියුනීසියාවෙන් බිහි වුණු පළමු කාන්තා වෛද්‍යවරිය වන ටෙව්හිදා බෙන් ෂෙයික් වෙනුවෙන් ටියුනීසියානු ඩිනාර් 10ක වටිනාකමකින් යුත් නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට ටියුනීසියානු මහ බැංකුව පසුගියදා කටයුතු යෙදූ බව වාර්තා වෙයි.

1909 වසරේදී උපත ලැබූ ඇය 2010 වසරේදී අභාවප්‍රාප්ත වූවාය. 20 වැනි සියවසේදී උතුරු අප්‍රිකාව තුළ බිහි වුණු පළමු මුස්ලිම් ජාතික වෛද්‍යවරිය බවට ඇය ඉතිහාසගත වී තිබේ. ඇය සිය වෘත්තීය දිවිය තුළදී කාන්තා සෞඛ්‍ය සහ නාරිවේදය සම්බන්ධයෙන් විශේෂඥතාවක් දැක් වූ බව පැවසෙයි.

හඳුන්වාදුන් මෙම නව නෝට්ටුව පසුගිය සිකුරාදා දිනයේ සිට සංසරණය සඳහා එක් කෙරුණු බව පැවසෙයි. එසේම මෙම නව ටියුනීසියානු ඩිනාර් 10 නෝට්ටුව සතුව නව ආරක්ෂිත ක්‍රමවේද රැසක්ම පවතින බවත් ටියුනීසියානු මහ බැංකුව සඳහන් කරයි.

Visits: 26