COVID-19 මුවා වී පෞද්ගලික තොරතුරු සොරා ගැනීමක්

COVID-19 මුවා වී පෞද්ගලික තොරතුරු සොරා ගැනීමක්

COVID-19 වෛරසයට එරෙහිව මුහුණු ආවරණ නොමිලේ බෙදා හැරීම පිළිබඳ දැන්වීමක් සහිත අහඹු කෙටි පණිවුඩයක් (SMS) හරහා අපගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක  හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටියි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මෙය COVID-19 වෛරසය ගැටලුවට මුවා වී අපගේ පෞද්ගලික රහස්‍ය තොරතුරු සොරා ගැනීම සඳහා සිදු කරන වංචනික උත්සාහයක් බව පවසා සිටියි.

මෙම කෙටි පණිවුඩය හරහා ලැබෙන සබැඳිය විවෘත කිරීමෙන් අපගේ පෞද්ගලික තොරතුරු පැහැර ගැනීමකට ලක්වීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව මෙවැනි වංචනික ප්‍රහාරයකින් ප්‍රවේශම්වීම සඳහා මෙවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස  ශ්‍රී ලංකා පරිගණක  හදිසි ප්‍රතිචාර සංසදය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 55