වසර 25ක ඉතිහාසයේ පළමුවරට LMD නියමිත දිනට කලින් නිකුත් වෙයි

වසර 25ක ඉතිහාසයේ පළමුවරට LMD නියමිත දිනට කලින් නිකුත් වෙයි

මෙරට තුළ මුද්‍රණය කර ප්‍රකාශයට පත් කෙරෙන මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ අප්‍රේල් මස ඩිජිටල් සංස්කරණය, දායකයත්ව (subscribers) ගෙවීම් සිදු කර ඇති සිය පාඨකයන් වෙත මේ වනවිටත් ඉලෙක්ට්‍රොනික (ඉ-මේල්) මාධ්‍ය හරහා ලැබෙන්නට සලස්වා ඇතැයි එහි ප්‍රකාශකයන් වන මීඩියා සර්විසස් (පෞද්) සමාගම සඳහන් කරයි.

මෙහිදී 2,500 කට අධික සිය යාවජීව දායකත්ව හිමිකරුවන් ඇතුළු සියලුම දායකයන් වෙත කිසිදු අයකිරීමකින් තොරව මෙම ඩිජිටල් සංස්කරණය ලබා දෙන බව සමාගම පවසා සිටියි. ඊට අමතරව එම සමාගමේ Living සඟරාවද මෙලෙස දායකත්ව හිමිකරුවන් වෙත ලැබීමට සැලැස්වී තිබේ.

මෙය LMD සඟරාව ප්‍රකාශයට පත් කිරීම අරඹා ගතවුණු වසර 25ක කාලය තුළදී එය මුද්‍රණයෙන් පිට කෙරෙන නියමිත දිනට පෙරාතුව පාඨකයන් අතරට පත් කෙරුණු පළමු අවස්ථාව බවත් සඟරාව පවසයි.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලා ඇති සමාජ දුරස්ථකරණයට අවස්ථාව සලසා දෙමින් සහ පනවා ඇති ඇඳිරිනීතියට ගරුකරමින් මෙලෙස අප්‍රේල් මාසයේ LMD සඟරාව මුද්‍රණයෙන් නිකුත් නොකර ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරීමට කටයුතු යෙදූ බව මීඩියා සර්විසස් (පෞද්) සමාගම සඳහන් කර සිටියි.

Visits: 37