බ්‍රිතාන්‍ය සංචාරකයන්ට මෙරටින් හැකි විගස පිටත්වන ලෙස නිවේදන

බ්‍රිතාන්‍ය සංචාරකයන්ට මෙරටින් හැකි විගස පිටත්වන ලෙස නිවේදන

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන්ට වහාම මෙරටින් පිටත් වන ලෙසට දැනුම් දෙන බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි. දැනටමත් මේ සඳහා වාණිජ ගුවන් යානා කිහිපයක්ම සූදානමින් තිබෙන අවස්ථාවේදී ඉන් ප්‍රයෝජන ගන්නා ලෙසත් බවත් ඔවුන් සිය පුරවැසියන් වෙත දන්වා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් රැගෙන පැමිණෙන ගුවන් යානා මේ වනවිට සිය මෙහෙයුම් නවත්වා ඇති නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ජපානයේ නරීටා වෙත දෛනික ගුවන් මෙහෙයුම් සිදු කිරීම නිසා මෙම අවස්ථාව හිමි වන බව මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව හෙට (මාර්තු 29) දිනයේදී කොළඹ සිට ලන්ඩන් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානයක ආසන 100ක් දැනටමත් හිස්ව පවතින බවත් ඔවුන් පවසයි. 

එසේම එම සංචාරකයන් දැනටමත් වෙනත් ගුවන් යානයක් සිය ගමන සඳහා වෙන් කර ඇති නම්, ඔහු හෝ ඇය සිදුකළ මුල් වෙන් කරගැනීම අවලංගු කරන ලෙසත්, එසේ සිදු කිරීම හරහා තම මව් රට බලා යාමට සූදානමින් සිටින තවත් අයෙකුට අවස්ථාව හිමි වන බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් සඳහන් කර සිටියි.

Visits: 40