පාරිභෝගික අධිකාරියෙන් අන්තර්ජාල අලෙවිකරුවන්ට නිවේදනයක්

පාරිභෝගික අධිකාරියෙන් අන්තර්ජාල අලෙවිකරුවන්ට නිවේදනයක්

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය වාසියක් කරගනිමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන අන්තර්ජාල අලෙවිකරුවන් කිහිප දෙනෙකුම හඳුනාගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව එවැනි වැඩි මිලට භාණ්ඩ හා සේවා සිදුකරන ආයතනවලට එරෙහිව සිය අධිකාරිය සතු බලතල යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය  සඳහන් කරයි.

මෙම භාණ්ඩ අලෙවියේදී එම අන්තර්ජාල අලෙවිකරුවන්ට සිය සේවය සඳහා  ගාස්තුවක් අය කළ හැකි නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු උපරිම සිල්ලර මිලක් පනවා ඇති භාණ්ඩ හා ඇසුරුම් කරන ලද භාණ්ඩවල සඳහන් මිලට වඩා වැඩි මිලකට විකිණීම වරදක් බව එහි සඳහන් වී තිබේ.

ඊයේ දිනය තුළදී මෙලෙස භාණ්ඩයේ සඳහන් මිලට සහ උපරිම සිල්ලර මිලක් සහිත භාණ්ඩ එම මිලට අලෙවි නොකළ කප්රුක නම් අන්තර්ජාල භාණ්ඩ අලෙවි ආයතනය වැටලීමට පාරිභෝගික අධිකාරිය කටයුතු යෙදීය.

එසේම අන්තර්ජාලය හරහා එළවලු ඇතුළු භාණ්ඩ අලෙවිකරන ආයතන පාරිභෝගිකයා ගෙවන මිලට සරිලන නිෂ්පාදන ලබාදීමක් සිදු නොකරන බවටත් චෝදනා එල්ල වී තිබේ.

Visits: 20