COVID-19 පාලනයට අබාන්ස් සමූහයෙනුත් දායකත්වයක්

COVID-19 පාලනයට අබාන්ස් සමූහයෙනුත් දායකත්වයක්

මෙරට තුළ ව්‍යාප්තව පවතින COVID-19 වසංගතය පාලනය සඳහා යොදා ගෙන ඇති රෝහල් කිහිපයක් වෙත රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනි සහ විදුලි පංකා කිහිපයක් ප්‍රදානය කරන්නට අබාන්ස් සමූහය ඊයේ කටයුතු යොදා තිබේ.

ඒ අනුව මුල්ලේරියාව මූලික රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මෙම උපාංග ප්‍රදානය සිදු කෙරුණු බව අබාන්ස් සමූහය පවසයි.

විශේෂයෙන්ම COVID-19 වසංගතය මෙරට තුළ පාලනය සඳහා දැඩි ලෙස වෙහෙස වෙමින් රජය සහ සෞඛ්‍ය අංශ දක්වන කැපකිරීමට සිය දායකත්වය ලබා දීමක් ලෙස මෙම භාණ්ඩ ප්‍රදානය සිදු කළ බව අබාන්ස් සමූහය සඳහන් කරයි.

Visits: 29