හැරී ජයවර්ධනත් COVID-19 වෙනුවෙන් රුපියල් මිලියන 25ක උපාංග දෙයි

හැරී ජයවර්ධනත් COVID-19 වෙනුවෙන් රුපියල් මිලියන 25ක උපාංග දෙයි

Melstacorp PLC සමාගම මගින් මුල්ලේරියාව IDH රෝහලේ පිහිටි පී.සී.ආර්. (PCR – Real Time Polymerace Chain Reaction) පරීක්ෂණාගාරය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 25ක් වටිනා PCR යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපාංග කට්ටලයක් ප්‍රදානය කිරීමට කටයුතු කළ බව පවසයි.

COVID-19 වසංගතය සඳහා මෙරට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස මෙම ප්‍රදානය සිදු කරන බව Melstacorp PLC සමාගම පවසයි. COVID-19 වසංගතය ආසාදිතයන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මෙම යන්ත්‍ර යොදා ගැනේ.

මෙම Melstacorp PLC සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධනට අයත් Aitken Spence’s පීඑල්සී වෙත අයත් සමාගමකි.

ඒ අනුව හැරී ජයවර්ධන මහතාගේ දරුවන් දෙදෙනා වන Melstacorp PLC සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් හසිත ජයවර්ධන සහ Aitken Spence’s පීඑල්සී හි අධ්‍යක්ෂ ස්ටෙෂානි ජයවර්ධන එක්ව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත අදාළ වෛද්‍ය උපාංග කට්ට්ලය ප්‍රදානය කර තිබේ.

රාගම මෙල්ස්ටා හොස්පිටල්ස්හි විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ.ත්‍යාගරාජා ඉරායිවන් සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියද මේ අවස්ථාව සඳහා එක්ව ඇත.

බ්‍රවුන්ස් සමාගම වෙත අයත්ව තිබූ රාගම බ්‍රවුන්ස් හොස්පිටල්ස් සමාගම පසුගියදා රුපියල් බිලියන 1.6ක මුදලකට මිලදී ගත්තේද හැරී ජයවර්ධනට අයත් මෙම මෙල්ස්ටා කෝප්. සමාගමට අයත් මෙල්ස්ටා හෙල්ත්කෙයා කලම්බෝ සමාගමයි. ඒ අනුව අද වනවිට එය රාගම මෙල්ස්ටා හොස්පිටල්ස්හි ලෙස නාමික වෙනසකටද පත්ව තිබේ.

මෙරට අංක එකේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාත් පසුගියදා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 70ක් වැය කරමින් දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍ය වෛද්‍ය උපාංග කට්ටල ඇතුළුව ඇඳන් රැසක්ද ප්‍රදානය කිරීමට තීරණය කළේය.

එහි පළමු ප්‍රදානය ලෙස මුල්ලේරියාව IDH රෝහල වෙත දැඩි සත්කාර ඇඳන් 6ක් සහ ඊට අදාළ වෙන්ටිලේටර් හෙවත් ජීව ආධාරක උපාංග හයක්ද ඊයේ දිනයේදී ලබා දීම සිදු විය.

Visits: 69