WAFL අවන්හල් සිය ෆ්‍රැන්චයිස් අලෙවියක

WAFL අවන්හල් සිය ෆ්‍රැන්චයිස් අලෙවියක

ලොව රටවල් 13 කට අධික සංඛ්‍යාවක සිය මෙහෙයුම් කටයුතු සිදු කරන ක්ෂණික සේවා ආපනශාලා (QSR) සන්නාමයක් වන WAFL හි මෙරට සමාගම වන WAFL Sri Lanka පෞද්ගලික සමාගම සිය අවන්හල් ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් සිය වරලත් අලෙවි නියෝජිත අවස්ථාවන් (Franchise) අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය නොවැම්බර් මාසයේදී සිය පළමු WAFL අවන්හල කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ වන් ගෝල්ෆේස් මෝල් හිදී විවෘත කිරීමට WAFL Sri Lanka පෞද්ගලික සමාගම සමත් විය. එහිදී ඔවුන් උදෑසන ආහාරය, දහවල් ආහාරය මෙන්ම රාත්‍රී ආහාරය සඳහා වන වොෆ්ල් ආහාර මෙනු සකස් කරන බව පවසයි.

වෙජි සහ නොන් වෙජි ලෙස ඉදිරිපත් කරන මෙම වොෆ්ල් මෙනු යටතේ හොං කොං වොෆ්ල්, බෙල්ජියානු වොෆ්ල් සමග දිවපිනවන අයිස්ක්‍රීම් සහ පළතුරු යුෂ පානයන්හි රසයද පවතින බව ඔවුන් පවසයි. එසේම WAFL Condong, WAFL Sandwitch හ WAFL Pie  ලෙස නිෂ්පාදන වන බවත් සඳහන් වෙයි. 

2016 වසරේ රුසියාවේදී ආරම්භ වූ මෙම WAFL අවන්හල් ජාලය දැනටමත් එක්සත් ජනපදය, චෙක් ජනරජය, ඉන්දියාව, කසකස්තානය, මොන්ගෝලියාව, බෙලාරුස්, ලෙබනනය සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින බව එහි වෙබ් අඩවිය පවසයි. ඊට අමතරව බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින, නේපාලය, නවසීලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, වියෙට්නාමය, තායිලන්තය, කාම්බෝජියාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව තුළ ඉදිරියේදී සිය අවන්හල් විවෘත කිරීමට WAFL සමාගම කටයුතු කරයි. 2020 වන විට ලොව පුරා අවන්හල් 100ක් පිහිටුවීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.   

ලෙස ලොව රටවල් රැසකදීම WAFL අවන්හල ක්‍රියාත්මක වෙයි. එහිදී ආපනශාලා වර්ග තුනක් යටතේ ඔවුන් සිය සේවාව ලබා දෙයි. High street Cafe, Isle on food court සහ WAFL food truck ලෙස ඒවා නම් කෙරී ඇත. ඒ අතරින් High street Cafe යම් ගොඩනැගිල්ලක පිහිටු වෙන අතර, Isle on food court විශාල සාප්පු සංකීර්ණයක විවෘත පරිසරයක පිහිටුවෙයි. එසේම WAFL food truck යනු ජංගම අලෙවි රථයි.

WAFL Sri Lanka පෞද්ගලික සමාගම පවසන ආකාරයට මේ වසර තුළදී රට පුරා WAFL සන්නාමය සහිත අවහන්හල් ජාලය 13 ක් දක්වා වර්ධනය කරගැනීම අරමුණ වී තිබේ. මෙරට තුළ WAFL අවන්හල් හි ෆ්‍රැන්චයිස් හිමිකම් ලබා ගැනීම සඳහා වන වැඩි විස්තර ලබා ගැනීම lk.wafl.cafe වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සිදු කළ හැකිය.

Visits: 53