කටාරය, බහරේනය සහ කැනඩාවේ සිට මෙරටට පැමිණීම් තහනම් කෙරේ

කටාරය, බහරේනය සහ කැනඩාවේ සිට මෙරටට පැමිණීම් තහනම් කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කටාරය, බහරේනය සහ කැනඩාවේ සිට පැමිණෙන ගුවන් මගීන් මෙරටට ඇතුළු කරගැනීමක් සිදු නොකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති උපුල් ධර්මදාස මහතාගේ අත්සනින් යුතුව සියලුම ගුවන් සේවා සමාගම් වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම නිවේදනය නිකුත් කෙරෙන බව සභාපතිවරයා පවසයි. එහිදී ගෙවුණු දින 14ක කාලයක් තුළදී කටාරය, කැනඩාව සහ බහරේනය වෙත සංචාරය කළ කිසිවෙකුටත් මෙරටට ඇතුළුවීමට අවස්ථාව නොදෙන බවත් එහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් කටාරය, කැනඩාව හෝ බහරේනය සිය මාර්ගස්ථ (transiting) ගුවන් තොටුපොළක් බවට පත් කරගන්නා මගීන් වෙත මෙම තහනම බලනොපාන බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ. 

කෙසේ වෙතත් එම සංචාරකයන් කටාර, කැනඩා හෝ බහරේන ජාතිකයන් නොවිය යුතු බවත්, ඔවුන් පවා ගෙවුණු දින 14ක කාලය තුළදී එකී රටවල් වෙත සංචාරය නොකළ පිරිස් විය යුතු බවත් සඳහන් කෙරී ඇත.එසේම පැමිණෙන මෙම සංචාරකයන් ආසන්න දින 14ක කාලයේදී දැනට ශ්‍රී ලංකා රජය මගින් පැමිණීම් තහනම් කර ඇති ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම, නෝර්වේ, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවලට සංචාරය නොකළ පිරිස් විය යුතු බවත් අවධාරණය කෙරී ඇත.

Visits: 10