චමත් මුණසිංහ AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධූරයට

චමත් මුණසිංහ AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධූරයට

AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙරට බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි රම්මුනි චමත් ජනනාත් ද සිල්වා මුණසිංහ මහතා පත් කෙරී ඇතැයි එම සමාගම සඳහන් කරයි. 

මෙතෙක් කලක් එම සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ඩී.පී.වී. මෙන්ඩිස් මහතා වෙනුවට මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

2020 මාර්තු 10 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක බවත්, ඊට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී ඇති බවත් AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පවසා සිටියි.

වසර 20කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත චමත් මුණසිංහ මහතා, ණය, ණය මෙහෙයුම් සහ පරිපාලන, ආපදා කළමනාකරණ මෙහෙයුම්, ආයතනික නිශ්චල දේපළ, සුරැකුම්පත් සහ සම්පත් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි කටයුතු කර ඇතැයි පවසයි.

චමත් මුණසිංහ මහතා මීට පෙර නේෂන්ස්ට් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ට උප සභාපති/මෙහෙයුම් ප්‍රධානී ලෙසද කටයුතු කර තිබේ.

ඇසෝෂියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම විසින් 2006 වසරේදී ආරම්භ කරන ලද AMW Capital Leasing & Finance PLC සමාගම  මේ වනවිට එක්සත් අරාබි එමීරයේ ඩුබායි හි පිහිටි Al-Futtaim සමූහයට අයත් සමාගමකි.

Visits: 61