කොමර්ෂල් බැංකුව සහ ටොයොටා එක්ව විශේෂ මිලකට වාහන අලෙවි කරයි

කොමර්ෂල් බැංකුව සහ ටොයොටා එක්ව විශේෂ මිලකට වාහන අලෙවි කරයි

කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම එකාබද්ධව විශේෂිත මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත වාහන ලීසිං පහසුකම් ලබාදීම කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. මෙහිදී අඩු පොළී අනුපාත සහ තවත් ප්‍රතිලාභ රැසක් සහිතව ටොයොටා කාර් රථ සහ පික්අප් රථ මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇත. 

සමාගම් දෙක අතර පසුගියදා අත්සන් කෙරුණු මෙම එකඟතාව ලබන අප්‍රේල් මාසය අවසන් වන තුරුම ක්‍රියාත්මක වන බව පැවසෙයි.

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග සහ ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලදාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන් අතර මෙම එකඟතාව අත්සන් තැබී තිබේ. 

මෙහිදී වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවන්නන්ට Toyota Wigo රථයක් රුපියල් තිස් අට ලක්ෂ විසිපන්දහසකට, Yaris ATIV රථයක් රුපියල් හැටහත් ලක්ෂ අනූපන්දහසකට, Toyota Rush රථයක් රුපියල් අසූ නම ලක්ෂ පනස්දහසකට යන විශේෂිත මිලකට මෙම කාලසීමාවේදී මිලදී ගත හැකිය.

එසේම එන්ජින් දාරිතාව 2400CC සිට 2800CC දක්වා වන Toyota Hilux ඩබල් කැබ් රථ මාදිලිය රුපියල් අසූඅට ලක්ෂ අනූපන් දහසේ සිට රුපියල් එක්කෝටි පන්ලක්ෂයක මුදලකට මිලදී ගත  හැකි බවත් කොමර්ෂල් බැංකුව පවසයි.

මේ අතර ඉහත සඳහන් කළ මෝටර් රථ වසර තුනේ සිට වසර හත දක්වා වූ කාල සීමාවකදී 11%ක සහ 12.5%ක වාර්ෂික පොලියකට ලබා ගත හැකි බවත් බැංකුව පවසයි.

Visits: 183