Subway අවහන්හල් දීප ව්‍යාප්ත කිරීමට සැලසුමක්

Subway අවහන්හල් දීප ව්‍යාප්ත කිරීමට සැලසුමක්

Subway ක්ෂණික සේවා ආපනශාලා ජාලය මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් එහි සන්නාමය භාවිතා කිරීමේ වරලත් නියෝජිත අවස්ථාව (re-franchise)  මෙරට ව්‍යාපාරිකයන් හට ලබා දීම සඳහා තීරණය කෙරී ඇතැයි “Economy & Business Sri Lanka” වෙත වාර්තා වෙයි. 

දැනටමත් මෙම Subway ආපනශාලා ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙරට ව්‍යාපාරිකයන් දක්වන උනන්දුවට ප්‍රතිචාරයක් ලෙස එම තීරණය ගෙන ඇතැයි Subway ආපනශාලා ජාලයේ මෙරට නියෝජිතයා වන Subway ශ්‍රී ලංකා නිවේදනයක් හරහා සඳහන් කරයි.

මෙහිදී අදාළ ව්‍යාපාරිකයන්ට මෙම Subway ආපනාශාලාවේ හිමිකාරීත්වය මෙන්ම එය පවත්වාගෙන යාමේ අවස්ථාවද හිමි වෙයි. ඒ හරහා මෙරට ප්‍රධාන නගර සියල්ලගේම පාහේ නව Subway අවහන්හල් පිහිටුවීම අරමුණ බව Subway ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

Subway ශ්‍රී ලංකාහි මෙහෙයුම් කළමනාකරු රොෂාන් චමින්ද මහතා අදහස් දක්වමින්, “දැනට‍මත් කොළඹ නගරය තුළ අපේ සන්නාමය පිළිබඳව පාරිභෝගිකයන් අතර හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ සන්නාමය ජාතික මට්ටමකට ගෙන ඒමයි. යනුවෙන් සඳහන් කරයි.

ඇමෙරිකානු ක්ෂණික සේවා ආපනශාලා ජාලයක් (Quick Service Restaurant) වන Subway ආපනශාලා ජාලය 2014 වසරේ කොළඹ 03 දී මෙරට පළමු Subway ආපනශාලාව පිහිටුවීය. මේ දක්වා Subway සතුව ආපනශාලා හතක් ක්‍රියාත්මක වන අතර කොළඹ කොටුව, ගල්කිස්ස සහ රාජගිරියේ ඒවා පිහිටා ඇත. ඊට අමතරව Subway ශ්‍රී ලංකා සමාගම වන් ගෝල්ෆේස් හිදී සිය වරලත් ආපනශාලාවක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වරලත් ආපනශාලා දෙකක්ද විවෘත කර තිබේ.

Visits: 98

Leave a Reply

Your email address will not be published. Required fields are marked *