රජයට අයත් ග්‍රෑන්ඩ් හයාට්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සංවර්ධයට නව තනි ආයතනයක්

රජයට අයත් ග්‍රෑන්ඩ් හයාට්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සංවර්ධයට නව තනි ආයතනයක්

රජයට අයත් හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාළ වත්කම් ලෙස හඳුනාගෙන ඇති අධික වටිනාකමින් යුත් ග්‍රෑන්ඩ් හයාට්, හිල්ටන් මහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හෝටල් සංවර්ධනය සඳහා එක් තනි ආයතනයක් පිහිටුවීමට රජය අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කර ඇති අතර ඊට අනුමැතියද හිමිව තිබේ.

ඒ අනුව, දැනට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිමිකාරීත්වය යටතේ පවතින කැන්විල් සමූහ ව්‍යාපාරයට අයත් ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හොටෙල් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගමට අයත් හිල්ටන් හෝටලය මෙන්ම ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පවතින ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන සමාගම් ත්‍රිත්වය, මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හිමිකාරීත්වය දරන එක් සමාගමක් යටතට පත් කිරීම මෙහිදී යෝජනා වී තිබේ.

මෙහිදී ඉහත සඳහන් කළ හෝටල්වලට අමතරව කොළඹ නෙළුම් කුලුණ සාප්පු සංකීර්ණයද මෙම ව්‍යවසායන් යටතට ඇතුළත් වී තිබේ. 

මෙලෙස එවැනි ආයතන තනි ඒකකයක් යටතට පත් කිරීම තුළින් වටිනාකමින් අධික “නිශ්චල දේපළ කළඹක්” නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව එවැනි වත්කම් අන්තර්ගත කිරීම තුළින් තවදුරටත් එම ආයතනය ඉදිරියේදී පුළුල් කිරීමටද හැකියාව පවතින බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

විශේෂයෙන්ම එවැනි දේපළ සහ වත්කම් සංවර්ධනය සඳහා රාජ්‍ය ආදායම හෝ රජයේ ණය ගැනීම් යොදා ගැනීම ප්‍රශස්ත නොවන බැවින්, යෝජිත ආයතනය වැනි ඉහළ වත්කම් සහිත ආයතනයක් හරහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පහසු වනු ඇති බවත් රජය පවසයි.

Visits: 252

Leave a Reply

Your email address will not be published. Required fields are marked *