2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී

මීළග ලෝක විවාහක රූ රැජින තරගාවලිය (Mrs. World 2021) මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. වෝග් ජුවලර්ස් පෞද්ගලික සමාගම, කොළඹ කිංග්ස්බරි හෝටලය සහ GFlock Clothing (Sri Lanka) යන සමාගම්හි සහයෝගිතාව යටතේ මෙම උත්සවය සංවිධානය වන බව පැවසෙයි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා 2020 වසරේ විවාහක ලෝක රූ රැජින කිරළ දිනූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි, ලෝක විවාහක රූ රැජින සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතයන්, මෙරට තුළ එම අවස්ථාව සංවිධානය කරන ආයතනය නියෝජනය කරමින් චන්දිමාල් ජයසිංහ ඇතුළු Mrs. World 2021 සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෝ පිරිසක් සහභාගි වී සිටියහ.

1984 වසරේදී ආරම්භ වූ මෙම ලෝක විවාහක රෑ රැජින තරගාවලිය විවාහ දිවියට පත්ව සිටින කාන්තාවන් සඳහා ලොව සංවිධානය වූ පළමු රූ රැජින තරගාවලියද වෙයි. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාව තුළ සංවිධාන කිරිමට අවස්ථාව ලැබීම මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට රුකුලක් වෙනු ඇතැයි එහි සංවිධායකයෝ පවසති.

මේ වනවිට ශ්‍රී ලංකාව ලෝක විවාහක රෑ රැජින තරගාවලි දෙකක් ජයග්‍රහණය කර තිබේ. ඉන් එක් අවස්ථාවකදී රෝසි සේනානායක මහත්මිය ලෝක විවාහක රූ රැජින බවට පත්වූ අතර, දෙවැන්නිය කැරොලයින් ජූරි මහත්මියයි. 

Visits: 51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *