ජාතික ව්‍යවසාය සංසදය එළි දැක්වෙයි

ජාතික ව්‍යවසාය සංසදය එළි දැක්වෙයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවාස සංවර්ධන අධිකාරිය (NEDA) මගින්  %ජාතික ව්‍යවසාය සංසදය^  එළිදැක්වීම ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී සිදුවිය.

එම අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම එළිදැක්වීම සිදුව තිබේ. ව්‍යවසායකයන්ට ඇති ගැටළුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන් නඟා සිටුවීම මෙම “ජාතික ව්‍යවසාය සංසදය” පිහිටුවීමේ ප්‍රදාන අරමුණ බව එම අධිකාරිය පවසයි.

ඒ අනුව ව්‍යවසාකයන් මුහුණ දී ඇති ගැටලු විසඳීමට මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරමින්, ඔවුන් දිරිමත් කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිණිස මෙම සංසදය පිහිටුවා තිබේ.

එසේම ජාතික ව්‍යවසාය සංසදය නමින් වෙබ් අඩවියක් එළි දැක්වීමද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුව තිබේ. මෙම අවස්ථාව සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ව්‍යවසාකයන් රැසක් සහභාගි වී  ඇත.

Visits: 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *