කොළඹ කොටස් වෙළෙඳ පොළට මුදල් අමාත්‍යාංශයෙන් නව අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙක්

කොළඹ කොටස් වෙළෙඳ පොළට මුදල් අමාත්‍යාංශයෙන් නව අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහා නව අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකු පත් කිරීමට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කොළඹ කොටස් වෙළෙඳ පොළේ නියාමන ආයතනය වන සුරැකුම්පත් සහ විනිමය කොමිෂම හරහා මෙම නව පත් කිරීම් සිදුව තිබේ.

මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මෙම නව පත් කිරීම් අතර හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන, අර්න්ස්ට් ඇන්ඩ් යන්ග් හි හවුල්කරුවෙකු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන අර්ජුන හේරත්, තොරතුරු තාක්ෂණික නීති පිළිබඳ විශාරද ජයන්ත ප්‍රනාන්දු සහ සිවිල් නීතිඥ සුරේන් ද සිල්වා යන මහත්වරුන්ගේ නම් පවතී.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ව්‍යවස්ථාවට අනුව එහි සමස්ත අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව නවයකි. ඒ අතරින් සිව් දෙනෙකු රජය විසින් පත් කරන අතර පස් දෙනෙකු කොටස් තැරැව්කාර ආයතන නියෝජනය කරමින් තෝරා පත් කිරීම සිදු වෙයි.

මෙලෙස තෝරාපත් කරගත් අධ්‍යක්ෂවරුන් අතර රේ අබේවර්ධන (සභාපති), දුමිත් ප්‍රනාන්දු, ඩිල්ෂාන් වීරසේකර, දිමුතු අබේසේකර සහ මුර්ටාසා ජෆෙර්ජී යන මහත්වරුන් සිටියි.

Visits: 101

Leave a Reply

Your email address will not be published. Required fields are marked *