ඉන්දියාවේ Go Air මාර්තු 20 සිට කොළඹට ඍජු ගුවන් ගමන් අරඹයි

ඉන්දියාවේ Go Air මාර්තු 20 සිට කොළඹට ඍජු ගුවන් ගමන් අරඹයි

ඉන්දියාවේ Go Air ගුවන් සමාගම ලබන මාර්තු 20 වැනිදා සිට ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” වෙත වාර්තා වෙයි. 

ඒ අනුව, මාර්තු 20 වැනිදා සිට බදාදා හැර සතියේ සෑම දිනකම කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළත් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළත් අතරත් – සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල කොළඹ කටුනායක ගුවන් තොටුපොළත් බෙංගලාරු ගුවන් තොටුපොළත් අතරත් – ගුවන් ගමන් සිදු කිරීමට Go Air ගුවන් සමාගම තීරණය කර ඇත.

මෙහිදී කොළඹ සිට බෙංගලාරු දක්වා යාමට සහ ආපසු ඒමට Go Air හි ගුවන් ටිකට්පතක මිල රුපියල් 24,900ක් ලෙසත් දිල්ලි වෙත ගුවන් ටිකට්පතක මිල රුපියල් 35,200ක් ලෙසත් සටහන් කර ඇත. කෙසේ වෙතත් මෙම මිල ගණන් සියල්ලම ඇතුළත්ව හඳුන්වාදීමේ මිල ගණන් පමණක් වන බවත් සමාගම පවසයි.

මාර්තු 20 වැනිදා ආරම්භ වන කොළඹ දිල්ලි ගුවන් ගමනේදී  බදාදා හැර සෑම සතියේ දිනකම පස්වරු 3.10ට පළමු ගුවන් යානය පිටත් වෙයි. එය රාත්‍රී 7.00ට දිල්ලි නුවරට ළගාවිමට නියමිතව ඇත. එසේම සෑම දිනකම පෙරවරු 10.35ට දිල්ලි නුවරින් පිටත්වන Go Air ගුවන් යානයක් පස්වරු 14.10ට කොළඹ කටුනායක ගුවන් තොටුපොළට ළගා වෙයි.

එසේම මාර්තු 20 වැනිදා ඇරඹෙන කොළඹ බෙංගලාරු ගුවන් ගමනේදී රාත්‍රී 11.00ට කොළඹින් පිටත්වන යානය රාත්‍රී 12.30ට බෙංගලාරු වෙත ළගා වෙයි. එසේම සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා පමණක් ක්‍රියාත්මක වන බෙංගලාරු සිට කොළඹ දක්වා වන ගුවන් ගමන රාත්‍රී 8.05ට බෙංගලාරු වෙතින් ආරම්භ වී රාත්‍රී 9.55ට කොළඹට ළගා වෙයි.

මෙහිදී සතියේ සෑම සෙනසුරාදාවකම බෙංගලාරු සිට රාත්‍රී 08.20ට පිටත්වන Go Air යානයක් රාත්‍රී 9.55ට කොළඹට ළගා වීමටද නියමිතව ඇත.

මීට අමතරව ලබන අප්‍රේල් 02 වැනිදා සිටද කොළඹ සහ බෙංගලාරු අතර ගුවන් ගමනක් සිදු කිරීමට Go Air සමාගම කටයුතු යොදා ඇත. එහිදී සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා පමණක් පස්වරු 3.45ට කොළඹින් පිටත්වන යානයක් පස්වරු 5.30ට බෙංගලාරු වෙත ළගාවෙයි. එසේම දහවල් 12.15ට බෙංගලාරු වෙතින් පිටත්වන යානයක් පස්වරු 2.05ට කොළඹ වෙත ළගා වෙයි.

Visits: 38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *