මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය අද විවෘත කෙරේ

මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය අද විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයට අයත් මාතර, ගොඩගම සිට හම්බන්තොට දක්වා වන 1 වන කොටස විවෘත කිරීම අද සන්ධ්‍යාවේදී සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත, කහවත්ත ප්‍රධාන පිවිසුම් මාර්ග පරිශ්‍රයේදී මෙම විවෘත කිරීමට අදාළ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී මාතර සිට බරවාකුඹුක දක්වා වූ කිලෝමීටර් 56කින් යුත් මාර්ග කොටස විවෘත කෙරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා  පවසයි. එහිදී මෙම අධිවේගී මාර්ග කොටසට වන සතුන් ඇතුළු වීම වැළැක්වීම සදහා විශේෂ පියවර ගෙන ඇතැයිද ඔහු පවසයි. 

ඒ අතරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින් මාර්ගයට පිවිසීම වැළැක්වීමට ශ්‍රී ලංකාව තුළ ඉදි වූ ශක්තිමත්ම අලිවැටද මෙම මාර්ගය දෙපස ඉදිකර ඇත. එහිදී වන අලින් ඇතුළු සත්ත්වයන්ට හුවමාරුවීම සහා කපොලුද ඉදිකර තිබේ.

එසේම මෙම මාර්ගයෙන් මුළු දුරින් සියයට 20ක්ම උස් වූ කුලුණු මතින් ඉදිවී තිබීම නිසා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇති විය හැකි ගංවතුර උවදුරු මගහරවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කර සිටියි. 

ඒ අනුව මෙම අධිවේගී මාර්ග කොටස තාක්ෂණික, සමාජීය හා පරිසර සාධකවලට අනුනව ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුක්තව ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති අධිවේගී මාර්ගය ලෙසත් සැලකෙන බව අධිකාරිය පවසයි.

Visits: 65

Leave a Reply

Your email address will not be published. Required fields are marked *