චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරය මාලඹේම පිහිටුවෙයි

චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරය මාලඹේම පිහිටුවෙයි

මෙරට කාර්මික තාක්ෂණ ආයතනය (ITI) Industrial Technology Institute සහ චීනයේ යුනාන් ග්‍රාමීය විද්‍යා හා තාක්ෂණ සේවා මධ්‍යස්ථානය අතර සහයෝගිතාවයෙන් චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් පිහිටුවීමට ගෙන ඇති තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

මාලඹේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයට අයත් නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයෙහි (Modern Research and Development Complex) මෙම විද්‍යාගාරය පිහිටුවීම මීට පෙර සැලසුම වී තිබුණි. එහෙත් මෙම පිහිටුවීම සඳහා එම සංකීර්ණයෙහි බිම් මහලෙහි ඉදිකිරීම් අවසන් කළ යුතුව ඇති බව රජය පවසයි. 

එහිදී එම කටයුතු රාජ්‍යයන් දෙක විසින් වියදම් බෙදා ගැනීමේ පදනමින් සිදු කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම යෝජනාවට අනුමැතිය ලබා දෙමින් බිම් මහලෙහි නිමැවුම් සහ සේවා කටයුතු සඳහා වන ප්‍රසම්පාදනය M/s Prosperus Industrial Company නම් සමාගමක් වෙත පිරිනැමීමට රජය තීරණය කර ඇත.

එසේම ඊට අදාළව චීන – ශ්‍රී ලංකා දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් තැබීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Visits: 33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *