සූරිච්හි FESPO Travel ‍Fair ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික කුටියට ඉහළ ආකර්ෂණයක්

සූරිච්හි FESPO Travel ‍Fair ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික කුටියට ඉහළ ආකර්ෂණයක්

ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවරදී පසුගියදා පැවැත්වුණු FESPO Travel ‍Fair සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටියට ඉහළ ආකර්ෂණයක් හිමි වුණු බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මෙම ප්‍රදර්ශනය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 03 වැනිදා දක්වා සංවිධානය වී තිබේ.

මෙවර ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සංචාරක ගමනාන්ත රැසකින්ම ප්‍රදර්ශකයන් 600 කට අධික පිරිසක් සහභාගි වී තිබේ. විශේෂයෙන්ම ස්විස්ටර්ලන්ත ජනතාව මෙම සංචාරක ගමනාන්ත වෙත ආකර්ෂණය කරගැනීම සඳහා මෙම FESPO ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කෙරේ. ප්‍රදර්ශනය සඳහා සෑම වසරකදීම ලොව ස්ථාන 250 කට අධික ප්‍රමාණයකින් 65,000 කට අධික ප්‍රෙක්ෂකයන් පිරිසක් පැමිණෙන බව පැවසෙයි.

ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම ප්‍රදර්ශනය වෙත ඉදිරිපත්ව ඇත. මෙරට සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රමුඛ පෙළේ පිරිසක්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාව වෙත සහභාගි වී ඇත. එහිදී ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් 64ක විශාලත්වයෙන් පැවැති බව සඳහන් වෙයි. එහි ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳවද දැනුවත් කිරීමේ කවුන්ටරයක්ද පවත්වාගෙන ගොස් ඇත. එසේම පැමිණෙන සියල්ලන්ටම ශ්‍රී ලාංකික තේ පානයක රස විඳීමටද අවස්ථාව ලබා දී ඇත. මීට අමතරව ප්‍රදර්ශනය පැවැති දින තුනේදී ශ්‍රී ලාංකික සංස්කෘතික අංගද ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Visits: 38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *