අශෝක් පතිරගේ NDB අධ්‍යක්ෂ ධුරයෙන් විශ්‍රාම ගනී

අශෝක් පතිරගේ NDB අධ්‍යක්ෂ ධුරයෙන් විශ්‍රාම ගනී

ජාතික සංවර්ධන බැංකුව (National Development Bank PLC) හි හිටපු උප සභාපතිවරයෙකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව කටයුතු කළ අශෝක් පතිරගේ මහතා 2020 පෙබරවාරි 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් විශ්‍රාම ගන්නා බව එම බැංකුව නිවේදනයක් මගින් පවසයි.

මේ වනවිට ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිම බොහෝ විට මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි වාර්තා සඳහන් කරයි. 

ඒ මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර 9කට ආසන්න කාලයක් NDB බැංකුව සමගින් කටයුතු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වන අවස්ථාව වනවිට ඒ මහතා සතුව NDB බැංකුවේ කොටස් 5,764,435ක් පැවැති බවත් එම බැංකුව නිවේදනය කරයි. 2011 වසරේ සිට පතිරගේ මහතා NDB බැංකුවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.රජයට අයත් සංවර්ධන මූල්‍ය ආයතනයක් ලෙස 1979 වසරේදී ජාතික සංවර්ධන බැංකුව පිහිටුවීම සිදුවිය. පසුව 1993 වසරේදී එය පෞද්ගලීකරණය කරමින් එහි හිමිකාරීත්වය වෙනස් කෙරුණු අතර එය ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී ලෙස කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වීමද සිදුවිය.

Visits: 86

Leave a Reply

Your email address will not be published. Required fields are marked *