කොටස් වෙළෙඳ පොළ තුළ නව CDS ගිණුමක් ඇරඹීම පහසු කරවයි

කොටස් වෙළෙඳ පොළ තුළ නව CDS ගිණුමක් ඇරඹීම පහසු කරවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාමත් පහසුවෙන් එහි මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS – Central Depository System) තුළ නව ගිණුමක් ආරම්භ කිරීම සඳහා වන අවස්ථාව දැන් උදා කර දී තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි. 

ඒ අනුව තැරැව්කාර සමාගමක් හරහා මෙම පද්ධතිය තුළ ක්ෂණිකව නව ගිණුමක් ඇරඹීමට මෙරට ජනතාවට මෙම ගින් අවස්ථාව ලබා දී තිබේ. මෙම නව හඳුන්වාදීම ආයෝජකයන්ට මෙන්ම කොටස් තැරැව්කාර සමාගම් වෙතද වඩාත් හොඳ පහසුවක් බව කොටස් වෙළෙඳ පොළ යටතේ ක්‍රියාත්මක මෙම Central Depository Systems (pvt) ltd සමාගමේ ප්‍රධානී නලින් ෆොන්සේකා මහතා එම නිවේදනයේ සඳහන් කර සිටියි. 

“මෙ‍ලෙස ගිණුමක් විවෘත කිරීමේ කටයුතු විමධ්‍යගත කිරීම වඩාත් කාර්යක්ෂම සේවා සැපයීමක් වෙනුවෙන් පහසුවක් වේවි. ව්‍යාපාරයක් පහසුවෙන් කරගෙන යාමේ අවස්ථාව ලබා දීම මෙම නව මුලපිරීමේ එක් අරමුණක්. ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියි.

මෙලෙස CDS ගිණුමක් පැවතීම දේශීය කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු සිදු කිරීම සඳහා මෙරට ආයෝජකයන් සපුරා ගත යුතු අත්‍යවශ්‍ය අංගයකි. මෙහිදී ආයෝජකයන් වෙත ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රයක් ලබා දෙන අතර, එමගින් විමසන තොරතුරු බොහෝ දුරට තැරැව්කාර ආයතනය ලබාදුන් ආකෘති පත්‍රය මගින් අසන ලද ප්‍රශ්න හා සමාන වෙයි. 

මෙම ආකෘති පත්‍රය Central Depository Systems (pvt) ltd හි වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගැනීම හෝ තැරැව්කාර සමාගම හරහා ලබා ගත හැකිය.  

එහෙත් මෙම නව පහසුකම හරහා කිසිදු ඉල්ලුම් පත්‍ර පිරවීමක් හෝ නව ගිණුමක් ආරම්භ කිරීම සඳහා වන අවසරය ලැබෙන තුරු බලා සිටීමක් අවශ්‍ය නොවන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි. ඒ අනුව ආයෝජකයන්ට එම මොහොතේදීම සිය ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව මෙමගින් හිමි කරදී තිබේ.

Visits: 431

Leave a Reply

Your email address will not be published. Required fields are marked *