EPF දායක මුදල බැරවූ බවට ලක්ෂ 26කට SMS පණිවුඩ

EPF දායක මුදල බැරවූ බවට ලක්ෂ 26කට SMS පණිවුඩ

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ට  තම මාසික දායක මුදල ගිණුම් ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම් දීම සඳහා නව ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවාවක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබී ඇත.

ඒ අනුව ලක්ෂ 26ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම මාසික දායක මුදල ගිණුම් ගත වූ මොහොතේම එම මුදල් සිය ගිණුමට බැරවී ඇති බවට වන පණිවුඩයක් මෙම සේවාව හරහා ලැබෙන බව රජය පවසයි. 

මෙහිදී එම සාමාජිකයා නම් කරනු ලබන ජංගම දුරකතන අංකයක් වෙත එම කෙටි පණිවුඩය ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම අදහස වී තිබේ.

දැනට මේ සඳහා පවතින ක්‍රමවේදයට අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම දායක මුදල් ගිණුම් ගත වී ඇත්ද යන්න දැන ගැනීම සඳහා මාස 6 ත් 12ත් අතර කාලයක් ගත වන බව රජය පවසයි. ඒ හේතුවෙන් දායක මුදල් ගිණුම් ගත වීම සම්බන්ධ ගැටලු රාශියකටම සාමාජිකයන් නිරන්තරයෙන් මුහුණ පාන බවට හඳුනාගෙන ඇතැයිද රජය පවසයි.

මෙරට පවතින විශාලතම දායකත්ව අරමුදල ලෙසට මෙම සේවක අර්ථසාධක අරමුදල සැලකෙන අතර, එහි ඇති මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන දෙකක් ලෙසත් ගණන් බලා තිබේ.

Visits: 46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *