මෙරට ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීමට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක්

මෙරට ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීමට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් 

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය මගින් කැණීම් කර සපයනු ලබන ඛනිජ වැලි වෙත අගය එකතු කිරීමේ කටයුතු, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට යෝජනා කරන බව රජය පවසයි.

ඊට අදාළව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වර්තමානයේදී අගය එකතු කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම මගින් අනෙකුත් රටවල ලෝක වෙළෙඳ පොළ තුළ තරගකාරීත්වයක් නිර්මාණය කර ඇති අමුද්‍රව්‍ය (Raw Form) ස්වරූපයෙන්ම ඛනිජ වැලි අපනයනය කිරීමට වඩා ඛනිජ වැලි සඳහා අගය එකතු කරන ලද නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ වෙත යැවීම පිළිබඳව අවධානය යොමු කිරිම අත්‍යාවශ්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි. 

ඒ අනුව, එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය මගින් කැණීම් කරනු ලබන ඛනිජ වැලි ප්‍රයෝජනයට ගෙන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ආරම්භ කර අගය එකතු කර අපනයනය කිරීමේ වැඩසටහනක් සඳහා රජය අදහස් කරගෙන සිටියි.

මෙම ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම 1957 වසරේදී සිලෝන් මිනරල් සෑන්ඩ්ස් කෝපරේෂන් ලෙස ආරම්භ විය. පසුව 1992 දී එය ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සමාගම ලෙස  සම්පූර්ණයෙන්ම රජය සතු සමාගමක් බවට පත්විය. රට වටා මුහුණු වෙරළේ ඇති බැර ඛනිජ සම්පත් කැණීම, සැකසීම සහ අපනයනය සිදු කරයි.

Visits: 58

Leave a Reply

Your email address will not be published. Required fields are marked *