සුමිත් කුමාරණතුංග සියපත ෆිනෑන්ස්හි නව සභාපති ධුරයට

සුමිත් කුමාරණතුංග සියපත ෆිනෑන්ස්හි නව සභාපති ධුරයට

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස පලවින්නගේ සුමිත් කුමාරණතුංග මහතා පත් කර ඇතැයි එම සමාගම නිවේදනයකින් පවසයි.

සියපත ෆිනෑන්ස්හි සභාපතිවරයා ලෙස කටයුතු කළ චන්න පලන්සූරිය මහතා පසුගියදා ඉන් ඉවත් වීමෙන් අනතුරුව හිස් වූ සභාපති ධුරය සඳහා 2020 පෙබරවාරි 12 වැනිදා සිට සුමිත් කුමාරණතුංග මහතා මෙලෙස පත්වීම් ලැබ තිබේ.

ඒ වනවිටත් සුමිත් කුමාරණතුංග මහතා සියපත ෆිනෑන්ස් පීඑල්සීහි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

පලවින්නගේ සුමිත් කුමාරණතුංග මහතා මීට පෙර ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේ සභාපතිවරයා ලෙස සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ. 1985 වසරේදී එම ගණකාධිකාරිවරයෙකු ලෙස එම සමාගමට සම්බන්ධවී ඇති ඔහුගේ සේවා කාලය වසර 30කට අධික වෙයි.

ඉන් වසර 24ක් ඔහු එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙසද කටයුතු කර ඇත. අනතුරුව 2016 වසරේ මාර්තු මාසයේදී ඔහු ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේ සභාපති ධුරයෙන් ඉවත්ව තිබේ. 

වර්තමානයේදී ඔහු අපනයන මූලික සමාගමක් වන Suvimie Associates හි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි. සුමිත් කුමාරණතුංග මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සියපත ෆිනෑන්ස් සමාගම හා එකතු වන්නේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

Visits: 93

Leave a Reply

Your email address will not be published. Required fields are marked *