E – Channeling හි නව සභාපති රොහාන් ප්‍රනාන්දු

E – Channeling හි නව සභාපති රොහාන් ප්‍රනාන්දු 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම යටතේ ක්‍රියාත්මක සමාගමක් වන E – Channeling පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස ඇන්තනි රොහාන් හර්ෂ ප්‍රනාන්දු නොහොත් රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. 

2020 පෙබරවාරි 07 වැනිදා සිට මෙම නව පත් කිරිම සිදු වන බව එම සමාගම  පවසයි.

රොහාන් ප්‍රනාන්දු මහතා මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිම ඔහු මෙලෙස E – Channeling පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස පත්වීමට හේතුව වී තිබේ.

ට්‍රයිඇඩ් දැන්වීම් ආයතනයේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ සම නිර්මාතෘවරියක වන, හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ දියණියගේ ස්වාමියා වන රොහාන් ප්‍රනාන්දු මහතා මෙරට සුප්‍රසිද්ධ අපනයනකරුවෙකු ලෙස නම් දරා තිබේ. ඔහු මේවනවිට ජාත්‍යන්තර තේ සන්නාමයක් වන Heladiv සමාගමේ සභාපතිවරයාද වෙයි. 

රොහාන් ප්‍රනාන්දු මහතා සතුව තේ අපනයන පිළිබඳව වසර 40කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත බවත් 2015 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයා ජාතික රන් සම්මානයෙන් පිදුම් ලැබූ බවත් E – Channeling පීඑල්සී සමාගම ඔහු පිළිබඳ තොරතුරු සඳහන් කරමින් පවසා සිටියි.

Visits: 44

Leave a Reply

Your email address will not be published. Required fields are marked *