පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේදී ව්‍යවසාකයන් 10කට EDB අනුග්‍රහය

පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේදී ව්‍යවසාකයන් 10කට EDB අනුග්‍රහය

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා නිමාව දුටු පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේදී තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් දස දෙනෙකු සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පූර්ණ අනුග්‍රහය දක්වමින් පහසුකම් සැපයූ බව පවසයි.

මෙම ප්‍රදර්ශනය සඳහා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශයේ ව්‍යවසාකයන් ගණනාවක්ම සහභාගි වූ අතර, අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දස දෙනා තෝරා ගෙන ඇත.

ඒ අනුව Eesha Products, Creative Patch Work and Fashion, Wilowi Shoes, Lily Shoes, Idea Shoes, N.S.H. Shoes, Galabadawatte Shoe Industry, Sadipa Shoe Mart, Jeewanthi Footwear, Chathurya Shoe Mart යන නිෂ්පාදන ආයතන එම අවස්ථාව සඳහා සුදුසුකම් ලබා ඇත.

එහිදී මෙම ව්‍යවසාකයන්ට රුපියල් මිලියන 2.2 ක ආදායමක් ලබා ගන්නටද, එක් නිෂ්පාදකයෙකු සඳහා එක්සත් රාජධානියේ අපනයන ඇණවුමක් සලසා ගන්නටද අවස්ථාව ලැබුණු බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

එසේම ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පැවැත්වූ පස්දින වැඩමුළුව සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය යටතේ සහභාගිවීමටද මෙම ව්‍යවසායකයන්ට අවස්ථාව සලසා දුන් බව එම මණ්ඩලය සඳහන් කරයි.

11 වැනි වරටත් පැවැත්වුණු මෙම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය දින තුනක් පුරා පැවැත්වුණි. එහිදී විශේෂ ඉන්දියානු සැපයුම්කරුවෙකුගේ ප්‍රදර්ශනාගාරයක්ද ඇතුළු ප්‍රදර්ශන කුටි 230කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත විය.

Visits: 68

Leave a Reply

Your email address will not be published. Required fields are marked *