දුම්රිය කාර්යක්ෂම කිරීමේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්‍රංශ සහ දේශීය බද්ධ සමාගමකට

දුම්රිය කාර්යක්ෂම කිරීමේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්‍රංශ සහ දේශීය බද්ධ සමාගමකට

ආසියානු සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රංශයේ Egis Rail හා Egis International හා මෙරට Greentech Consultants (Pvt) Ltd බද්ධ සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

මේ සඳහා වන යෝජනාව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම දුම්රිය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති ණය අරමුදල්වලින් කොටසක් මෙලෙස උපදේශක සේවාවන් සැපයීම වෙනුවෙන් යෙදවීමට නියමිතව තිබේ. 

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව මෙම සමාගම් වෙත පිරිනැමුණු බව රජය පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ආසියානු සංවර්ධන බැංකුව හරහා ලැබුණු මෙම ණය මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 160 කි. මේ සඳහා ශ්‍රී ලංකා රජයද ඩොලර් මිලියන 32ක් ලබා දීමට සූදානමින් සිටින අතර ව්‍යාපෘතියට යොදන සමස්ත මුදල  ඩොලර් මිලියන 192 කි.

වසර 2050 වන විට මෙරට ජනගහනය මිලියන 25ක් දක්වා වර්ධනය වෙනු ඇති බවත්, එම පිරිසට අවශ්‍ය පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීමේ අරමුණු ඇතිව මෙම ණය මුදල් ප්‍රදානය සිදු කෙරෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රවාහන විශේෂඥයෙකු එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණි.

Visits: 52

Leave a Reply

Your email address will not be published. Required fields are marked *