ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට යයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නෞකාවක් (MERV – Marine Emergency Response Vessel) කුලී පදනම මත ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය හිමිව තිබේ. වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

මුහුදේ ස්ථානීය පාවෙන බෝයා පද්ධතිවල මෙහෙයුම් ක්‍රියාකාරීත්වය හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන්නේ මෙවැනි විශේෂයෙන් නිර්මාණය කරන ලද නඩත්තු සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාත්‍රාය. කොළඹ වරායට කිලෝමීටර් 9.2ක දුරකින් පිහිටා ඇති ස්ථානීය පාවෙන බෝයා පද්ධති සඳහා මේ වනවිට මෙවැනි යාත්‍රා යොදා ගැනේ. 

ඒ අනුව මෙවැනි යාත්‍රාවක් කුලී පදනම මත ලබා ගෙන අදාළ සේවාවන් ඉටු කර ගැනීම සිය අරමුණ බව අමාත්‍යවරයා යොමු කළ යෝජනාවේ සඳහන් කර ඇත.

මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් 70%ක්ම සපයා ගනු ලබන්නේ පිරිපහදු කරන ලද ආනයනික ඛනිජ තෙල් නිෂ්පාදන මගින් වීම නිසා කොළඹ වරායට පිටතින් සහ කොළඹ වරාය තුළ ඉන්ධන බෙදා හැරීමේ ස්ථාන 03ක් පිහිටුවා ඇත. මෙම සේවාව ලබා දීමට යෝජනා කර ඇති ස්ථානීය පාවෙන බෝයා පද්ධතියත් එවැනි ස්ථානයකි.

Visits: 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *