මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් හා අගමැති අතර හමුවක්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් හා අගමැති අතර හමුවක්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සහ අගමැතිවරයා අතර හමුවක් පසුගියදා  එම අමාත්‍යාංශයේදී සිදුව තිබේ.
මුදල්, අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වී ඇත.


ඊට එක්වෙමින් ගරු අගමැති, මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා “රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදු කරමින් සිටින වැඩ නැවැත්වීමට නොවන බව” පවසා තිබේ.


පැවැති රජය මගින් රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය සේවය යම්තාක් දුරකට අකර්මන්‍ය වී ඇති බව මෙහි දී පෙන්වා දී ඇති අගමැතිවරයා ඔවුන් පත්ව ඇති මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දී රාජ්‍ය සේවය නැවත සක්‍රීය කර ජනතාවට සේවය සලසන මට්ටමට රැගෙන එන බව පවසා ඇත.  


එසේ ම රටේ පවතින ආර්ථික තත්ත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ දී මතු වී ඇති ගැටලු පිළිබඳ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී මුදල් අමාත්‍යවරයා දැනුවත් කරන ලද බව  අමාත්‍යාංශය පවසයි.


විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම කොන්ත්‍රාත්කරුවන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මෙහි දී පෙන්වා දී තිබේ.

Visits: 115

Leave a Reply

Your email address will not be published. Required fields are marked *